Choose a track to play
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා.
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතු සැම
අවසන් මොහොතේ ඉතිරි වුණා
කල හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා