Choose a track to play
රනින් රන්දම් ගෙල පළන්දා
නළල් තිලකේ පෙමින් රන්දා
මලින් ගවසා සදුන් ගල්වා
චාන්දනී මා ගෙනා කැන්දා
අවර අහසින් නැගෙන කළුවක
පාට සේයා වතෙහිලා
දියන් කුමරී හිතේ බර මට
උරහිසින් හිස සතපවා
මා රාවණා රාමා නොවේ මා
මන්දෝදරී මා සීතා එපා
අශා මනාලී ඈ මනලෝලි
සීතා සේ ගින්නේ ඈ නොලමි මෙමා
මා රාවණා රාමා නොවේ මා
මන්දෝදරී මා සීතා එපා
අශා මනාලී ඈ මනලෝලි
සීතා සේ ගින්නේ ඈ නොලමි මෙමා
නුඹත් නුඹ වී හිත නවත්වා
මදක් තනිවී අසන් සෙමිනා
අහස සරසා සයුර නිවනා
චාන්දනී මා ගෙනා කැන්දා
අවර අහසේ ඇදුන තරුවෙන්
දෙකොලුලේ ගඟ දිලෙනවා
කියන කුමරී හිතේ දුක මට
උරහිසින් හිස සතපවා
මා රාවණා රාමා නොවේ මා
මන්දෝදරී මා සීතා එපා
අශා මනාලී ඈ මනලෝලි
සීතා සේ ගින්නේ ඈ නොලමි මෙමා
මා රාවණා රාමා නොවේ මා
මන්දෝදරී මා සීතා එපා
අශා මනාලී ඈ මනලෝලි
සීතා සේ ගින්නේ ඈ නොලමි මෙමා