නාරි ලතා මලේ
ඔබෙ පුළුලුකුලේ
හැප්පෙන්නද
යාන්තමට වගේ
නාරි ලතා මලේ
ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් වුනාට කමක් නැද්ද කෙල්ලේ
නාරි ලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ
ඔබෙ සියුමැලි කොපුලේ
අවිහිංසක තාලෙන්
හාදු තිතක් තිබ්බොත් මං යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ
හාද කමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ
කැමතිද නැද්ද ප්රියේ
ආදරෙ නැද්ද හිතේ
කැමතිද නැද්ද ප්රියේ
ආදරෙ නැද්ද හිතේ
නාරි ලතා මලේ
ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් වුනාට කමක් නැද්ද කෙල්ලේ
නාරි ලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ
ඔබෙ සුදු මුදු නළලේ
අවිහිංසක තාලෙන්
දිවුරුම් තිලකේ තිබ්බොත් යාන්තමට වගේ
නොරිදෙන්නට වගේ
මගේ වදන පිලිගන්නට නැකත හොඳයි වගේ
කැමතිද නැද්ද ප්රියේ
ආදරෙ නැද්ද හිතේ
කැමතිද නැද්ද ප්රියේ
ඇයි ඔය තරම් අගේ
නාරි ලතා මලේ
ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්
මත් වුනාට කමක් නැද්ද කෙල්ලේ
නාරි ලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ
නාරි ලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ
නාරි ලතා මලේ
ඔබෙ පුළුලුකුලේ හැප්පෙන්නද
යාන්තමට වගේ