Elige una pista para reproducir
හිස් වූ මහ නගරය මැද
පාළු දැනෙන වචන අතර
නුඹෙ මඳහස නිතර නිතර
හඳෙහි මැවෙනවා
ඔහේ දුවන ජීවිතවල
නැවතුන එක තත්පරයක
ලියවෙන මුදෘ කවිපදවල
නුඹව පෙනෙනවා
සිපගන්න ආදරෙන්
නැළවෙන්න සෙනෙහසින්
සැනසෙන්න නුඹ ළඟින්
හමුවන්නෙ කවදද? ඉතින්
අත් පටළගෙන උණුසුමෙන්
මල් කළඹක් ගෙන සුරතින්
මුදු සුමුදු මල්පෙති මතින්
එක් වෙන්නෙ කවදද? ඉතින්
ආලෙන් එක් වී දවසක
හමු වී වෙන් වී යන තැන
මතක පිරුණු කඳුළුවලින්
දෙනෙත් තෙමෙනවා
ඒ කඳුලැළි නැති කරන්න
ආදරයෙන් සිනාසෙන්න
පරණ සිහින මතක දිගේ
යන්න හිතෙනවා
සිපගන්න ආදරෙන්
නැළවෙන්න සෙනෙහසින්
සැනසෙන්න නුඹ ළඟින්
හමුවන්නෙ කවදද? ඉතින්
අත් පටළගෙන උණුසුමෙන්
මල් කළඹක් ගෙන සුරතින්
මුදු සුමුදු මල්පෙති මතින්
එක් වෙන්නෙ කවදද? ඉතින්