Elige una pista para reproducir

ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
බලාපන්කෝ නුඹ කේඬෑරි වීලා
වේයන් කෑව වැට ඉන්න වගේ
එන පෝයට වැහි වහීද මන්දා
තෙමිල මැරෙන්නට උනත් හිතේ
තෙමිල මැරෙන්නට උනත් හිතේ
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
අව්කාස්ටකේ තද පෑවිල්ලයි
රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි
එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි
මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි
මගුල එදාටයි නුඹෙයි මගෙයි
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා