Elige una pista para reproducir
Sencillo / Pista
රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා දුක් කරදර මට
තියනවා යහමින් මගෙ පාරෙ
රෝස කුමරියෙ මගෙ හීනෙ
ඔබ තනිකර මා යන තීරෙ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලෙ
දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා
රැයට දහවලක මෙන් ඇහැරි
දසල දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි
රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා දුක් කරදර මට
තියනවා යහමින් මගෙ පාරෙ
රෝස කුමරියෙ මගෙ හීනෙ
ඔබ තනිකර මා යන තීරෙ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලෙ