Elige una pista para reproducir
හිත ළඟ බැදි චේතනා
වෙන් වෙනවද මාගෙන්
තහනම් ඔය ස්නේහෙ මා ලඟින්
ලං වෙන්නට මාගෙන්
විමසූ ඒ තොල්පෙති අතරින්
මා ගාවින් විකසිත හාදු තියන්
මාගේ නොවන හීනේ
දෑසේ බැඳුනාවේ
ඇයිදෝ මට ලං වී මිමිනුවේ
පාවෙන් නම් සුළඟේ වෙලෙමින්
මා ඉන්නම් තුරුලේ විඳිමින්
සැනසෙන්නම් මුව මත හාදු තියන්
හාදුවක ඔබෙ උනුසුම විඳිමින්
පාලු රැය නුඹ සිහිනෙට ඇවිදින්
ඒ දුන්නු ප්‍රේමේ නමින්
දෑස පාලු වේදනා සඟවා මා හිඳින්නම්
නුඹ නැති රෑ පුරා හීන ගානේ මා තනි වෙන්නම්
රැ හීන ඒවි අයේ
ආලෙන් නූරාම කී දේ
සුසුමන් රැඳේවී ආයේ
ඒ රෑ පුරා
මාගේ නොවන හීනේ
දෑසේ බැඳුනාවේ
ඇයිදෝ මට ලං වී මිමිනුවේ
පාවෙන් නම් සුළඟේ වෙලෙමින්
මා ඉන්නම් තුරුලේ විඳිමින්
සැනසෙන්නම් මුව මත හාදු තියන්
හාදුවක ඔබෙ උනුසුම විඳිමින්
පාලු රැය නුඹ සිහිනෙට ඇවිදින්
ඒ දුන්නු ප්‍රේමේ නමින්