Elige una pista para reproducir

මගෙ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳි සීනි තමයි දැන් ඕන
මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල
වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය
දවසක් රෑ
ටික ටික පෙරාගෙන එද්දි ඇවිලුනා
සෝමෙගෙ කෙහෙල් යායම
බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
මම ආසම කාලෙට පායන
ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
සැරටම වෙන්නෙ දැං දායක
වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නව සුපිරිම ගායක
ලාවට ගහල ආවෙ මම අඩියක්
අවුරුද්දට පෙරනව මම වඩියක්
ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්
රාලහාමිල නම් අදාල නෑ
OIC ට තමයි බය
අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකං වෙලාව හය
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනව ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
වෙන්නෙපා මටනම් ණය
දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එළකිරි පදමක්
Shot එක ගානට දෙන්නෙ මං
වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්
ඕන්නං cocktail
Soft drink
Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්
කවුද කවුද අර එනව පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
මං බඩු විකුනන්නෙ නෑ
අප්පටසිරි පිපුනා ඇඟෙ හිරි
දැං බැස්සා මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
අදනම් ඉවරයි
දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදීසියේ
අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න
සාජන්
දැඟලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න
දැන් විකුනනවා කියන්නේ මොකක්ද?
දැන් උබ සල්ලි ගත්තද? සල්ලි ගත්තා බඩු දුන්නද?
දුන්න මහත්තයා
එකට තමයි විකුනනවා කියන්නේ
ගනිං බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් High Court නෙ
බොලා මේ නඩුවක් අතේ තියන් අපි දැක්කම නිකං
දාන්නෙ තවුසන් ටෝක්නෙ
අඩො කෙලින් ඉඳපං
මූන පුරෝලා දෙන්නෙ බොට දැනටමත් හොඳටම Dopeනේ
කෝ ගනිං ඕක මෙහෙට
අප්පට මේ බඩු ශෝක්නෙ
මම තනියම ආවෙනෑ දුවන්න
හදන්න එපා පොලිසිය අඟලෙන් අඟලේ
බට බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනිං
කෝ තොපි හංඟපු දඟරේ
මේ සැරෙ ජාවාරං කියල නඩුව දෙන්නෙ මං
ගැලවීමක් නෑ තොපිට
මම SI ශාන්ත රැකියාව මෙහෙ ගම
බෙන්තර පාලමෙන් එපිට
එපා ලොරි Talk
හැබැයි බඩු ටික ශෝක්
උඹ Subject එකේනම් රුසියා
උඹ නඩු බඩු හංගලා
ගෙවල් එහෙම බංගලා
හොරෙන් විකුනන්නෙ කසියා
අඩො පොට්ටපාල උඹ වැරදි කාරයනෙ
ගම් හතේම බඩු බෙදුවාට
ඇත්ත නොකිව්වොත් රමනය කරනවා
පේන තුරා හඳේ ආවාට
ඔය එකා එකා ගනිල්ලා පෝලිං කරෝලා
සල්ලි හොයන්නෙ බොලා මිනිස්සු මරෝලා
Jeep එක ගමු සාජන් මෙතනට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා
ඔහොම ඉන්න සර් ඕනම දේකට
තියනවා Option දෙක දෙක
මම ජෙනුවින් මිනිහා සර් දිව්වෙත් නෑනෙ සර්ලා
ඔම මේම එනවා දැක දැක
සර්ලා බඩු ටික දාගන්ඩ කොල්ලෙක් එවන්නම්
ඌ බාරගනී නඩුව
අනේ සර් මාවරන් යන්නෙපා කොහොම දරන්නද
ගෑනිට මං නැති අඩුව
ඔය ඔක්කොම බස්සපං සාජන්
අපි ගානෙ කොල්ලො ටික ඔක්කොම නිදහස්
හැබැයි මට පේන්න බැරි උඹෙ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්
අඩො ආපස්ස හැරියං
අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සල දාගනිං
උඹ දන්නෑ ශාන්ත ගැන
අනෙ අනෙ මේන්න වැන්ද එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න
සාජන්, දැඟලුවොත් ගහපිය මූන පොඩිවෙන්න
අනෙ, අනෙ, මේන්න වැන්ද එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න
සාජන්, දැඟලුවොත් ගහපිය මූන පොඩිවෙන්න
අඩියක් ගහන් ඕනි බන්
අඩියක් ගහල, දුමක් දාල
සැපේ ඉන්න ඕනි
මෙන් සිගරට් එක, මෙන් ගිනිපෙට්ටිය
මෙන් වඩේ, ඔං තියෙනවා
වටපිට කව්රුත් නැ
බීපන්, කාපන්, සතුටෙන් හිටපන්
කන පලගන්නේ නැතුව නැගපන් Jeep එකට, නැගපන් Jeep එකට