Elige una pista para reproducir

සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක
සිනාසෙන්නේ සොවින් සිත යට
නොයා ඉන්නේ නුඹව අතහැර
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා
තව ටික දවසයි ඇත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ
දරාගන්නේ රහස අඳුරක
සිතා උන්නේ තනිව සිත යට
රසේ දුන්නේ ඔබට දිවියක
සිතේ ඉන්නේ ඔබය පහසට
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා
තව ටික දවසයි ඇත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා