Elige una pista para reproducir
නුඹේ වත ලඟ නවතිනු විනා
අරමුණක් නැත දිවියට වෙනා
හඬනවා හද මා
සනසන්න ආලෙන් වහා
නුඹව හිඳුවා සතපන්න මා
සත්මහල් මාලිග නැත තනා
දැවෙනවා ගත මා
ඇහැරන්න රාගේ රහා
අරමුණක් සොයමින් මම දිවිකතර ගැවසෙනවා
පිනිපොදක් විලසින් නුඹෙ ආලයෙන් නැහැවෙනවා
ආදරය අසමින් නුඹ සයනතෙහි වැතිරෙනවා
ජීවිතය සොයමින් මා ආදරය වැගිරෙනවා
නුඹේ වත විඳිනෙම් වැටහෙන තුරු දිවිය යම්දා
නුඹේ ඇස් දකිනෙම් පියවෙන තුරු දෙනෙත් මතුදා
ලොවේ නැත කිසිවෙක් ආලයෙන් ගත මන බින්දා
අයිතිකම් නොකියම් ශෝකය බිය නැගෙන හින්දා
ආ දා මා හා පෑවා මායා
දිලුනා වෙලුනා ගිලුනා මායා