Elige una pista para reproducir

ගෙදර බුදුන් අම්මා දන්නව ඒ බණ
දුන්න මට හයිය හිතක් ශූරයෙක්ගෙ රණ
කියන්නෙ මව නෙවෙයි නිහඬ වීරයෙක් ගැන
සීයක් දන ගැස්සුවත් තාත්ත ගාව ගහනව දණ
ඔහු කඹයකි මුළු පවුලම එකට බැඳි
ඔහු එලියකි යන්න දුන්නෑ අඳුරෙ වැදි
අම්මා සඳකි එහෙනම් ඔහු මන්දාකිණියකි
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි
දන්නව අපි මද්යම පාන්තිකයි ඉල්ලන්නෑ මං අහස
අම්මට විතරද තාත්තට දෙන්න බැරිද දැන් පහස
පවුලෙ තුනකි කෑම දෙකකි බඩගින්න උනා රහස
මා ගැන ඔබට උදහස ඔබ රකිමි එයයි අදහස
තාත්තේ මං ආදරෙයි නෙ සෑහෙන්න
හොඳ පාරවල් පෙන්නුව මට නං නො සෑහෙන්න
කිසි එකෙකුට බැහැ ඔබතුමා සමඟ නං පෑහෙන්න
දැකපු උපරිම කැපකිරීම් කලේ අපිට නෑසෙන්න
මතක කාලෙ ඉදන් දාන්නෙ ඔයා එකම සපත්තූ
අපිට හැමපාටම ඇඳුම් වලින් නෑ පරක්කූ
මමනම් බේබද්දා ඔයා තමයි මගෙ අරක්කූ
අත පය වාරු නැති වෙද්දිත් අපිව නෑ බරක්ලූ
කොච්චර බිව්වත් බීල ගමේ චාටර් වෙලා නෑ
අහල පහල හොර ගෑනු කතා ඒව ලොවෙත් නෑ
අපිට කරා මිසක් කරගත්ත දෙයක් නෑ
තාත්තෙ උබ තරම් කෙනෙක් මන්නම් දැකල නෑ
පෙන්නුව පාරෙ නෙවෙයි මට හිතුන පාරෙ මං ගියා
ජීවිත කාලෙම තාත්ත මගේ ගාවින් ගන්නම් තියා
ඇස් තෙත් වෙන්නෙ ඇයි කලින් ඉවරවෙන්න ලියා
අදහනවනම් ආගමක් ඊටත් උඩින් ඉන්නෙ පියා
කී පාරක් කිව්වත් මදි නුඹට තූතියි කියල
සමාන කරන්න බෑ සෙනෙහස පෑනෙන් ලියල
අපි නැති නම්ඔ බ තව අඩි ඉදිරියට තියල
ඔබ මහ බැංකුව වගේ මමනම් නිකම්ම රුපියලක්