Elige una pista para reproducir
Sencillo / Pista
සිරූවෙන් හදේ පාරවන චේතනාවකින් කඳුලකට
බෑ රෙදුම් දිදී විමසන්න අපෙ පෙම් කතා
ලියලේනා විටත් හදවතක දුන්නෙ ආදරේ මුලාවක
නෑ සොයන්නෙ නෑ නුඹේ පෙම් කතා
නෑ අහසකට දැනිලා
කඳුලකින් බර වූ වළාවක්
හඬයි අහසට හොරා
සැලි සැලි යන දෑස මානේ
නුඹටයි මේ ගීය කීවේ
කිමදැයි නුඹ නෑසූනා වාගේ
නැතුවත් මගෙ දෑස මානේ
නුඹවයි දුර ඈත ඇන්ඳේ
මොහතක වත් මන් වෙන්න හැකි නම්
නුඹේ ලඟින් තවත් ඉඳන් තුන් යම
නැතත් ලඳේ නුඹත් ලඟින් මා ලඟ ආයේ
නැතිනම් ආයෙ
ලං වුනේ ඇයි දැයි නොදැන මම
සිහිනෙකින් වත් නුඹේ නොම වන බව දැනත්
නොම වන බව දැනත්
අහිමිව යයි හේතූ නොකියම
නිම් නොපෙනෙන මේ කතරමග
අතරමං වූ කඳුලු හෙමිහිට
දෙකපුලේ තවරා
නෑනෙ නුඹ වාගේ දැනිලා
රූපේ නුඹේ වාගේ ඇදිලා
බොඳ වූ සිතුවම් හදෙන් නොමකෙයි ඉතින්
සැලි සැලි යන දෑස මානේ
නුඹටයි මේ ගීය කීවේ
කිමදැයි නුඹ නෑසූනා වාගේ
නැතුවත් මගෙ දෑස මානේ
නුඹවයි දුර ඈත ඇන්ඳේ
මොහතක වත් මන් වෙන්න හැකි නම්
නුඹේ ලඟින් තවත් ඉඳන් තුන් යම
නැතත් ලඳේ නුඹත් ලඟින් මා ලඟ ආයේ
නැතිනම් ආයෙ