Elige una pista para reproducir
විශගෝර මලේ ...
විශගෝර මලේ
විශගෝර මලේ ... නුබ මා ඩැහැගන්න එපා .....
විශගෝර මලේ ... අද මා ඩැහැගන්න එපා .....
මම පවු කියලා අද බැඳෙන්නෙපා අද බැඳෙන්නෙපා..
හිතන්නෙපා අද හිතන්නෙපා
රිදෙන්නෙපා මට අනින්නෙපා ....
ඈ විෂ ඝෝර මලක් මා සන්තක පිපුණූ
ආලය මගෙ උරාගෙන හැදුණූ
ඈ නේත්රා නාග කන්යාවක් වාගේ
විසකුරුයි ඈ හැපින්නක් වාගේ
ඩැහැගණු එපා ඇදි සිතුවම් රෑ
කලු වලාකුළේ රිදි ඉරි පායන්නෙ රෑ
විස උනත් නුඹ ඉදින් එක රැයකට
හිදින්න මගෙ ලග එපා විස විදින්නට
එන්න නගේ
දැන් මගෙ ලගින්
වාඩි වෙන්න රස කතා මට බොහොම ඇතී
අස්සයා ගෝං ටික් ටික් මට වෙන්නෙ නැ හතී
ඔයා ලග නම් සිත් පිත් නැතිව ඇතී
හිතුවට වඩා විසයි නුඹේ නොදැක්ක පැතී
රතු කම්මුල් නුඹේ ඇස් කොමල ගතී
නෑ ඇතී
මම එනවා නොනැවතී
නුඹ නැතී
ලොවක් නම් මට ඕනෙ නැතී
මහ වරුසා වැටුනත් රාජකුමරු එනවා..
සැඩ සුළඟේ විසමල් ගන්න හිතන් එනවා ...
රාණී වෙලා දෑවැද්ද පිදූ නුබ.. මන්ද මගේ හිත බින්ඳේ හඬා ...
සිතාසී පවා මට සින්න වෙලා නුබ බින්ඳේ මගේ වීණා
විශගෝර මලේ ...
විශගෝර මලේ
විශගෝර මලේ ... නුබ මා ඩැහැගන්න එපා .....
විශගෝර මලේ ... අද මා ඩැහැගන්න එපා .....
මනහරයි නුඹ අදිනා සිතුවම් මා එක්ක රෑට
අග්නිද දෑසේ මේ රත්තරං පාට
ඈ ග්රීසියෙ මෙඩූසා මා වෙමි රාවණා
වනගත වෙලා මම කරනවා භාවණා
පස් වෙනි මානය වෙතට ඇවිත්
නුඹ දෙස බැල්ම හෙලමි ලගට නෑවිත්
පෘතග්ජනයි නෑ මම වෙලා රහත්
නුඹ ගැන මගෙ ලග ඇත උණුසුම් පුවත්
වෙස් පෙරලන් මනු වෙසින් නාග කන්යාවක්
විෂ බදුන මදු බදුන දැක්කෙ වරක්
ඇස ගැටෙන මායිමට ඈ දෙව් දුවක්
ලග සිටින විටදි ඈ නාග කන්යාවක්
විෂ දළ කඩලා එන්න මගෙ ලගට
මනු ලොව වාසෙ නුසුදුසුයි නුඹට
විෂ ගෝර මලේ නුබේ ප්රති විෂ මම
ඇසිල්ලක දුරින් හිදින් මගෙ ළඟ
මහ වරුසා වැටුනත් රාජකුමරු එනවා..
මහ සුළඟේ විසමල් ගන්න හිතන් එනවා ...