Elige una pista para reproducir
පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල්අතු පැල තුල මහමන්දිර වල
මතුවන්නේ එක මිනිස් හඬයි
ඇති නැතිකම්වල ලොකු පොඩිකම්වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වූ විට
වෙනසක් නැති බව නෙතට පෙනෙයි
පායන හිරුසඳු යට එක පොළවක එකට ඉන්නවා
ජීවන සටන්බිමක කොයි කවුරුත් එකට රැඳෙනවා
කුලමල ආගම් බේදෙන් සමහරු දුකට වැටෙනවා
මිනිසත්කමේ අගය දන්නා අය සටන දිනනවා
පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල්අතු පැල තුල මහමන්දිර වල
මතුවන්නේ එක මිනිස් හඬයි
ඇති නැතිකම්වල ලොකු පොඩිකම්වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වූ විට
වෙනසක් නැති බව නෙතට පෙනෙයි
උපදින හැම කෙනෙකුම උපතින් එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු උස්මිටිකම් සලකනවා
යහගුණ දන්නා සිතකින් මිනිසත්කම මතුවෙනවා
මිණිමුතුවලටත් වැඩියෙන් පිරිසිදු සිත බැබලෙනවා
පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල්අතු පැල තුල මහමන්දිර වල
මතුවන්නේ එක මිනිස් හඬයි
ඇති නැතිකම්වල ලොකු පොඩිකම්වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වූ විට
වෙනසක් නැති බව නෙතට පෙනෙයි