Elige una pista para reproducir
Sencillo / Pista
රෝස මලෙක කටු ඇණුනා
හද පතුලින් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලෙක කටු ඇණුනා
හද පතුලින් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ
රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුළක් වැටුණා
රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුළක් වැටුණා
මල් පෙති මත එය රැඳුනා
පිනි බිඳුවක් වී දිලුනා
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ
හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා
හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුනා
රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම්කළ අරුමේ
රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම්කළ අරුමේ