Elige una pista para reproducir
ඇවිදින්නේ තනියම නැහැ මට තදියම
ඇවිල්ලා නෑ බං අපි සෙල්ලමේ අනුන්ගේ කරේ
මනින්න එපා හැමදේම පිටින් අපරාදේ
වෙනම රහට ඇති බලපං ඇතුලෙ හරේ
කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ට
අපිට කෙළින්න ආවොත් කෙලින්ම කඩන්නෙ දළේ
අමාරුවෙන් ගොඩ ගත්ත හෙල රැප් නැව
ඇස් පනාපිට බොලා තමයි ඩෝ සිදුරු කරේ
වටින්නේ ම හිත නිස්කලංක
හිතේ මතුවෙන අදහස ඉස්තරම් ම
අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න
අඩෝ පිස්සු ද වාසනාව විස් කරන්න
මචං පළවෙනි කාරණාව හීනය
බලපන් ඊට පස්සේ උඹේ හීනේ හැබෑ කරගන්න ඕන විදි
සැතපෙන්න සැනසීමෙන්
මැරෙන්න කලින් තියපං නම තැනක අල්ලන්න හිතන්නත් බැරි
කොටු කළේ සල්ලි රාමුව දෝ
ගඟ ගලනවා තොටියට පාරුව කෝ
වෙන් කළේ අපි කාලය දෝ
අඩෝ පොඩි කාලේ ලඟ හිටිය යාළුවො කෝ
අණ දෙන්නේ මට මාරයා දෝ
අතේ වස විස මේකෙ අවසානය කෝ
අපේ ජීවිතේ සිතාරය දෝ
අපි වයනවා හැබැයි මේකෙ තාලය කෝ
කඩන්නෙ ප්රශ්න නියපොත්තෙන්
මොකටද අතට ගන්නෙ මං නිකං පොරොව
හිට ගනින් බය නැතුවම මගේ පැත්තෙන්
වරදින්න දෙන්නෙ නෑ මං කවදාවත් උඹට
ඇවිදින්නේ අවධානයෙන් තිරිසන්නු මැද්දෙන්
මෝහනය වුණේ නෑ මං වැද්දන්ගේ බණට
අන්ධකාරෙ හෙවණැල්ල මගේ පිටිපස්සෙන්
මගේ මේ ආත්මෙ ගත්තු පවට, යේ
අපි තනියම ගමනක පාර හදන්
කටපාඩම් උඹලට දීපු වදන්
අපි පිළිවෙලකට ආවේ ගලන්
උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ
ගියේ නෑ මග නතර කරන් මේ
හීන මැරෙන්නෙ අපිව මරන්, යේ
මේක තමයි හොඳම ගැලපීම
යන්නෙ නෑ මේ බැඳීම කඩන්
අපි තනියම ගමනක පාර හදන්
කටපාඩම් උඹලට දීපු වදන්
අපි පිළිවෙලකට ආවේ ගලන්
උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ
ගියේ නෑ මග නතර කරන් මේ
හීන මැරෙන්නෙ අපිව මරන්, යේ
මේක තමයි හොඳම ගැලපීම
යන්නෙ නෑ මේ බැඳීම කඩන්
මගේ කට හඬ මුසු වෙන්නේ මද පවනට
ඝෝෂාව කන් රිදෙන තරමට ඇසේ
පසුතැවිලි තොර මරන පතන්නේ නිතර
වගේ අවසන් ගමනට මගේ
මං වැටුණා කබලෙන් ලිපට ලැබුණ හැමදේම
නැති වුණා කරුමෙට වගේ
පතන්නේ හැම දවස සුභ වෙන්න කියලා
කාටද ඇහෙන්නේ කටහඬ මගේ ඡීවිත රඟමඩලේ
බිඳුණු කැඩපත, අපි කැමති අය අපිව දාලා යනවා
වෙන් වෙන්න වෙනවා අකමැත්තෙන්
පිළිගන්න වෙනවා හද මැද්දෙන්
බලාපොරොත්තු බිදෙන තැන නැවත ඉපදීම
තනියම කළුවරේ කෑගහලා කිව්වා කැමතිම
සින්දුව සද්දෙන්
දුකට ලිව්වා සින්දු කැඩුනම පොරොන්දු
මතක පොත පිරෙව්වා කඳුළුවලින්ම
කවදද ලැබෙන්නේ නිදහස මං
හිර වෙලා මේක හිත සතුට රැන්දූ
සිනහව කැන්දූ
ඉපදීම දුකක් බව වැටහුණා
දැන් අපි මොනවා කරන්නද පැටලිලා ඉවරයි
දැලට අපි දුකට බැන්දූ
කවුද වැළඳගත්තෙ මාව අපි ගින්නේ තාම
කළු සුදු සිනමාව මේ ඇස් දකින්නේ තාම
පිළිගන්නේ කෝම
ඉවසන්නේ බෝම
රෑ වැටුණු වළේ දවාලෙත් වැටෙන්නේ තාම
අපි වැටෙන්නෙ තාම
අපි තනියම ගමනක පාර හදන්
කටපාඩම් උඹලට දීපු වදන්
අපි පිළිවෙලකට ආවේ ගලන්
උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ
ගියේ නෑ මග නතර කරන් මේ
හීන මැරෙන්නෙ අපිව මරන්, යේ
මේක තමයි හොඳම ගැලපීම
යන්නෙ නෑ මේ බැඳීම කඩන්
අපි තනියම ගමනක පාර හදන්
කටපාඩම් උඹලට දීපු වදන්
අපි පිළිවෙලකට ආවේ ගලන්
උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ
ගියේ නෑ මග නතර කරන් මේ
හීන මැරෙන්නෙ අපිව මරන්, යේ
මේක තමයි හොඳම ගැලපීම
යන්නෙ නෑ මේ බැඳීම කඩන්