තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ
විඳගන්න මාගේ ආදරේ
සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ
මගේ කරගන්නමයි හැම භවේ
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
සුරඟුන් පරදන ලස්සන නුඹේ රුව
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
ඉන්නම් ඉතිං ළංව තුරුළේම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
දෙව්ලොව පරදී තුරුළේ උණුහුම
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
තරු දිලෙන අම්බරයේ...
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
Artist/s: Rahal Alwis