Elige una pista para reproducir
ඉගිලී ගියා
දුර ඈත අක්ෂාංෂයේ
මිහිරක් උනා
මේ සීත අවකාෂයේ
හිත හිනැහුනා
සීත සන්තෝෂයේ...
ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා... දිළිසුනා...
අපි සීත සන්තෝෂයේ සැනසුනා
නුවරු හිම කබා පොරවලා
සීත විඳගන්න මැළි වෙලා
මගේ සමණලිය තටු සලා
මාතුරුල්ලේ ගුලි වෙලා
හිනැහුනා... දිළිසුනා...
අපි සීත සන්තෝෂයේ සැනසුනා
නාඳුනන දුර දේෂයේ
මං අඳුනන්නෙ මගෙ ආදරේ
ඉන්න මා තුරුලෙ මිහිරාවියේ
මේ සීත සන්තෝෂයේ...
ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා... දිළිසුනා...
අපි සීත සන්තෝෂයේ සැනසුනා