අලුත් හාදයෙක් ඇවිදින් ගම පුරාම පීර පීර
කළුත් සුදුත් භේද නැතිව අකලට බහ තෝර තෝර
හීන පෙන්වමින් නොනිදා නොමිලෙ මුලින් මාර මාර
පේනවාද එක්කං යනවා වරද්දලා හරි පාර
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ
දියවන්නාවේ දියවී යන්නේ නිස්සාර වදන්
මියයන්නේ ටිකෙන් ටිකට හුස්ම ගන්න වස්තු නිධන්
නිලධාරින් බලධාරින් ඇස් වහගෙන ඉද්දි ඉඳන්
ඉලන්දාරියෝ හොයන්නෙ හීන ගේන මරණ ඇඳන්
නමක් ගමක් නැතිව එන්නෙ අමුත්තො බර ගණන් නැවේ
ඉමක් කොණක් නැතිව අඬන මව්පියො ටික දෙනෙක් නෙවේ
දුමක් නැති නිසා බලයත් අඩු වෙලාද පොලිස් ඉවේ
කමක් නැද්ද බලධාරින් සැනසුනාට ඔඩොක්කුවේ
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ
දැන් ඇවිදින් වාරේ
නෑ අපි ළඟ භේදේ
මේ වසන්ත කාලේ ආයේ ආවේ