Elige una pista para reproducir
දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා
දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
සඳවත කුමටද ඔබ නැති දා
හිරු නැග පල නැත ඔබ නැති දා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
පියබර සිතුවිලි මුතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි
පියබර සිතුවිලි මුතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි