Elige una pista para reproducir
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබේ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගේ සිත ගොළු වෙලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබේ නමින්