Elige una pista para reproducir

නැවුම් කළේ, පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
බිතක්කනට පිට දී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
බිතක්කනට පිට දී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියේ ඇයි මට පිටුපා
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියේ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගේ නංගියේ
මේං මේක අහපං
දාංගලේ බොහොමයි මගේ නංගියේ
මේං මේක අහපං
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ