Elige una pista para reproducir

නුබ මා හා රැඳී
තනිවීමක් නැතී
විරාමෙකී මවාදී
හැගුම් හමාරවී
මා නෙත් ගැටී
ඇසුනත් ඒ වැඩී
ප්රමාද වීමක් ඇතී
සිනාවක් නැතී
මේ අනන්ත මතකේ පුරා
හිමි නොවේද නුඹගේ නුරා
නිම්නාද දී රැදුනා මා හදේ
නිව්නාද මේ රෑ නාවත් සදේ
නිම්නාද දී රැදුනා මා හදේ
නිව්නාද මේ රෑ නාවත් සදේ
මටත් හිතක් නුඹ ලඟ උනාද
අහසක සිරි සපිරුනාද
කඳුලක රස මදි උනාද
තවමත් මට තවමත්
මුසා වැලකම හිත හිරවෙලා
කලුකුහරෙක මාත් හිරවුනාද
එකලග තිබ්බත් අකුරු මතක රස්නෙ මට දැනෙන්න
මූඩි අතරෙ හිල්කරා බෝතල් රාක්ක පිරෙන්න
මගෙ මතක උදුරුගන්න සැරිසරන්න අතින්ම අල්ල ගන්න
බීපු කිරට නාඩන් බලලුන්ට කුමට දැන් අඩන්න
නිදහස මාරයි මම දුන්නත් උබ වමාරයි
කටින් කිව්වත් හිත විකාරයි ගතින් උබව දැනෙනවාමයි
හිත පාරයි උබ මාරයි නිම්නාදයි බින්දාමයි
මන් බීපු තරම දැක්කනම් උබ තාම දුවනවාමයි
සුන්දර පැහැය නොදුටු රත් වුනු ගිනිදැල්ලක්
එකලග සෙල්ලම් කරාවි මතකය ඇදුනු බැල්මක්
ඒක ඇල්මක් සීතල කරාවි චිතකයත්
ඇසිල්ලකින් විය මරණයත්
තරගයක් නැතුව දුවමි ඇතුලෙන් මේ
අනන්ත මතකයත්
මේ අනන්ත මතකේ පුරා
හිමි නොවේද නුඹගේ නුරා
නිම්නාද දී රැදුනා මා හදේ
නිව්නාද මේ රෑ නාවත් සදේ
නිම්නාද දී රැදුනා මා හදේ
නිව්නාද මේ රෑ නාවත් සදේ