Elige una pista para reproducir
මුදු දෙතොලේ ඡායා ඔය දෙනෙතේ මායා
ආලේ නුරා හීන සේයා
සද මධු රෑ මා හා රහසේ නුඹ කීවා
සිතුසේ ළයේ තුරුලු වීලා
හීන සුව ගෙනෙන ළබැදී මගේ
සැබැවින් මා ළගින් මාගේ වීලා
සරා පෙම් හැගුම් මා ළයේ දැවෙනවා
මරා ඒ හැගුම් ආදරේ පැතුවෙ මා
සසරේ නුඹ වේ මාගේ හිමි කාරී
හැරයන්න නොසිතන්න පණ මා හදේ
ළං වෙන්න මුමුණන්න පෙම් ගීතේ
පෙරා සද කැළුම් දෑගිලී දෝවලා
සරා වන මලින් හිසපුරා සරසලා
මනමාලි වීලා නුඹ මාගේ වූ දා
සැතපෙන්න හිනැහෙන්න සද මාගේ
විදගන්න ඉඩ දෙන්න මධු ගීතේ