හත්පෙති මල් වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා
තහනම් ඔය ආලේ පහසක් දීලා
අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක් ගාව තියලා
තහනම් අඟනාවේ ඇයි ලං වීලා
හත් පෙත්තෙන් එකක් ඉල්ලා
රොන් සුවඳක් හොරෙන් වින්දා
මල් රොන් රස වැඩිද මංදා
නුඹ පරවෙන්නත් ලඟ නිසා
මද සුලඟක් අතින් අල්ලා
සමුදෙන්නට කලින් දන්වා
මල් පෙත්තක නුඹව හංගා දෙනවද
මාරුතේම ඈතට අරගෙන
(හ්ම්ම්ම්...)
ළඟ පිපුනට ඈ තවදුර බව දැනුනේ නම් නෑ
දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ
මල් පෙති අග මා තනිවුන වග හිතුවේ නම් නෑ
නුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්නේ නෑ
කලු ආකහේ අග
දේදුනු මල නුඹ කාගේ දන්නෑනේ
කොඳුරා මගේ බව
නෑසුනු ලෙස නුඹ ආවේ ආයේ
හත් පෙත්තෙන් එකක් ඉල්ලා
රොන් සුවඳක් හොරෙන් වින්දා
මල් රොන් රස වැඩිද මංදා
නුඹ පරවෙන්නත් ලඟ නිසා
මද සුලඟක් අතින් අල්ලා
සමුදෙන්නට කලින් දන්වා
මල් පෙත්තක නුඹව හංගා දෙනවද
මාරුතේම ඈතට අරගෙන
(හ්ම්ම්ම්...)
(හ්ම්ම්ම්...)
(හත් පෙත්තෙන් එකක් ඉල්ලා)
(හ්ම්ම්ම්...)