Elige una pista para reproducir
(Chakra On the Beat නිසා Beat එක Dope)
කතාව පෙරලන්න කනපිට
බලපන් doh! හැරිලා දැන් වටපිට
උඹේ එක වචනෙට අපේ එවුන් ටික නවනවා පිට පිට
බණ කතා වගේ දිනපතා උඹේ පොතේ එකම වචන ටික
කියවන උබද අපිට කියන්නේ "ගහපන් flows"
ඒකනෙ දුක
කඩන්නෙ වචනෙන් වචනෙ flow
වෙන්නෑ මං slow
තේරෙන්න කල් යයි බොහෝ
උඹේ දැල්ලත් දැන් නිවිලා doh!
සැර දැන් කෝ
දැනෙන්නෑ ගාණක් නෑ bro
උබ ළපටි පැටියෙක් doh! උඟුලේ පැටළී දෝ කෑමොර දෙන්නෙ දැන් තෝ
කෑමොර දෙන්නෙ දැන් තෝ
කෑමොර දෙන්නෙ දැන් තෝ
සෙල්ලම වෙනස් doh දැන්
දුවන්නෙ වෙනස්ම පැත්තකට
වෙන්නෙපා හරස් doh දැන්
උබලත් වෙයන් දැන් පැත්තකට
ඇදන් මුල් බොරුවෙන් දැන්
(ehh) තැනක් නෑනේ ඇත්තකට
දුවන්නේ රාමුවෙන් පිට මං වෙනසක් ගෙනෙන්න සෙල්ලමට
කනෙන් ඇදන් ඇවිත් සෙල්ලමෙන් තිබ්බට මෙහෙම කරලා මදි
අපි දානේ දුන්නේ බලු කපුටෝ වෙනුවෙන් මොකෝ කට වටේ හොදි
උඹ ඔය කොල්ලෝ තනියෙන් රඟන්නේ කන්නද අපිට නොදී
ඔය වගේ ගුණමකු හැත්තට කියන සිංහල වචනෙ රොඩී
තුරුම්පු ආසියා මං අතේ කවුද දැන් කපන්නෙ මාව
කරවටේ අත ආවේ මුණේ පුරවන් බොරු හිනාව
ලොකු ලොකු අය ආවෙ සැනින් කවන්න මට ඉනාව
පිස්සු හැදෙයි doh!
මම ඇන්දුවා අපේ පිනාව
සෙල්ලම කරන්නෑ වෙනස් මං, වෙනස්ම සෙල්ලමක් කරන්නෙ මං
කවුරු වුණත් අතපාන ළගපාතින් තියන් ටොකු අනින්නෙ බන්
සතා තමා කතා අහන් කන නවාගෙන කලක් හිටියත් මං
ඔය කාගෙ කාගෙත් පටි රෝල් කොල්ලො අපි කට ඇරියොත්නම්
කවුද දැන් කරන්නේ සෙල්ලම වෙනස්, වෙනස්ම සෙල්ලමක් මේක
බොරු සිඹාලව කපන්න ගත්තා මං පොල්පිති වල හැඩේට
ගොඩක් උන් ආවා, වට්ටගන්න මාව. හැබැයි වටටන්න බෑ මේ කපේට
කෙලින් ආපු උන්ව යවන්නම් ඇදේට
කාවවත් නම් ළං කරගත්තේ නෑ වැඩේට
කතාව අත්වල යකඩ
හැබැයි ගල ගහගන්න බෑ මැද්දකට
හෙලකුරු වලින් වැඩර්
දැන් එන්නලු හදන්නේ යුද්ධෙකට
බච්චො පැටවු රංචු පිටින් ආවත්
කටින් පිඹලා යවන්නේ පැත්තකට
ඔලුව උස්සලා බැලුවා විතරයි
පොඩි බල්ලෙක් බිරුවට සද්දෙකට
බොරු වෙන්නම් ආවේ
ලගින්න බෑ මේකේ
Shshhhh!!!
අහගනින් මේ දේ
රොඩුබොඩු අයින් කරා හොඳ ටික බේරෙයි
මේ වටේ අවුල් ඊළඟ වටේ තේරෙයි
කොටුවේ පොඩි නම
කියන්න එන්නේ බණ
අඟේ ඉඳන් හපන්න දන්නෝ කන
වැඩ දාලා කියවයි බැරි කම
ආතල් එකේ ඉන්නේ ගාණක්වත් නෑ මට
කවුරු ආවත්, කවුරු ගියත්
අඩියක්වත් පස්සට ගන්නේ නෑ තිබ්බොත් නම් ඉස්සරහට එක පයක්
වෙන දේවල් හැමදේම බලන් ඉන්නේ ඒකයි කාටත් නැත්තේ බයක්
හරිම තැනින් අල්ලගත්තොත් normal brother මුගටියාට නයා
බොලා වගේ පොඩි පොඩි item අපි මගඇරියා ගොඩාක්
උබේ කෙල්ල මේක අහලා කියයි homie
Eskennyයා නම් මේකේ fk
කෙලින් විතරමයි එන්න දන්නේ මම
දන්නෑ තැන තැන කතාවෙන්න
රෝමේ නම් ඉල්ලන්නේ නම කියපං මගේ මමත් බලන් ඉන්නේ සතා වෙන්න
මම කැමති පාඩුවේ ඉන්න ආස නෑනේ පැටලෙන්න
පටන් ගත්තේ මේක ආයිත් බලන් නෙමෙයි නවතින්න
දන්නෝ එක මොහොතයි යන්නේ හැමදේම වරදින්න
හොයලා තමයි ආවේ එක තැනක්වත් නෑ පරදින්න
උඹ තමයි පණුවට ඉන්නේ ඇමේ ගහලා
හරවලා යවන්නේ අපි ළඟට අඬගහලා
වෙලාවක් නෑ නලවන්න වැඩිමල් බබාලා
මෙයා මේ පකක් ඔබාලා
සාදුකාර තියනවා කට්ටියක්
Shot එක වැදිලා Tech N9neගේ දිශ්ඨියක්
ලෝකේ හොලවලා ගන්න කතාව
සාක්කුව හොලවන්නවත් නෑ ඌට පිච්චියක්
මේ අන්තිම flow එක dope
Overdose නෙමෙයි high වෙද්දී ශෝක්
සෙල්ලම වෙනස් කරනකොට දොස්
දැන් සෙල්ලම full අන්දොස්
දැන් ඇති neh?
(Chakra On the Beat නිසා Beat එක Dope)