Elige una pista para reproducir
ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට
දගකාරි පේනා
ඉවසන්න බෑනේ ආදරේ
ඔය ස්වරය ඕනා
දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්
හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න
පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න
හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම්
නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම්
මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
ඒ මල් කවදා හරි පරවෙන බව
ඉතින් මන් ආසම මල
මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද
දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්
ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට
දගකාරි පේනා
ඉවසන්න බෑනේ ආදරේ
ඔය ස්වරය ඕනා
දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්