Elige una pista para reproducir
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත්
මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනකන්
එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත්
නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනකන්
නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන නුඹේ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කළේ නුඹේ ආදරේ
ඇවිදන් යමි නුඹ හා (හා හා හා)
නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්