Elige una pista para reproducir
නොසිතු මේ
අලුයමේ
ඈ ඒදෝ ගාවින් මා
තිරික්කලේ
ගමන් ගියේ
පටු පාරේ
ඈ හා මා
ගින්නෙන් වැසී
තරු විසී
තව දෑසක් අළුවීලා
අද මෙසේ
තනියමේ
ඉන්නේ ඇයි අපි
හඳ ගාවින් ආයෙත්
මානම් පියඹන්නෑ
(පියඹන්නෑ)
ඒ යාමේ ආයෙත්
අපිනම් හමුවෙන්නෑ
(හමුවෙන්නෑ)
හුදකලාවේ වෙලී ඉන්නම්
මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත්
පරවුණු මල්නම්
පැලවෙන්නෑ
(නෑ පැලවෙන්නෑ)
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා
නොවයි අපි
ආදරෙන් වෙලුනා
දවස් ගෙවී
හවස් වෙවී
හරස් වෙවී
දෑතේ පැටලේවී
ආලේ මැසිමෙන්
දෙන්නම් දුසිම් ගනන්
පෙම් මල් විසී
අහසේ පැතිරේවී
ආරාධනා,
මේ වාදනා,
පෑ චෝදනා මා හා ඇවිදීවී
මා ප්රාර්ථනා,
ඈ නර්තනා,
මේ වර්තමානේ
මා තනිවේවී
හී සැරෙන්
හිත පාරණා
කාරණා තිබුනා
හීතලෙන්
තැවී වුන්නු මා
මීදුමේ ගිලුනා
හඳ ගාවින් ආයෙත්
මානම් පියඹන්නෑ
(පියඹන්නෑ)
ඒ යාමේ ආයෙත්
අපිනම් හමුවෙන්නෑ
(හමුවෙන්නෑ)
හුදකලාවේ වෙලී ඉන්නම්
මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත්
පරවුණු මල්නම්
පැලවෙන්නෑ
(නෑ පැලවෙන්නෑ)
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා
නොවයි අපි
ආදරෙන් වෙලුනා