Elige una pista para reproducir
නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
තැවරූ සෙනේ නොසිඳී ඇදී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී
ගලන ගඟේ මග අහුරා
වැට කොටු බදිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසිදා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
තැවරූ සෙනේ නොසිඳී ඇදී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී
දවස පුරා ගුවනෙ සරා
බැස යයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ලඟ රැඳෙමි ළඳේ
පෙම් සුවද කිසිදා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
තැවරූ සෙනේ නොසිඳී ඇදී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී
මා සිරුරේ වෙලී