පටං අරං සමාජෙ පිරිහීම
මුතු ඇටේ යට වෙයි බලං ඉද්දි ලඟදීම
විනාශ වෙයි තමන් තමාටත් නොදැනීම
යටවෙන්නෙ ලඟදීම වටින්නෙ පිහිනීම
පොඩො පොඩි කොල්ලො අතේ තියං Cellphone
අලුත් sim එකක් අරගෙන වටේටම Prank Call
කෙල්ල දාලා ගියාම මැරෙන්න මුන් බොන්නෙ Panadol
අඩු මානසික මට්ටම් මට නෑ Thank god
හොරු පිලි ගන්නෙ දාලා මල් පාවඩ
ඉතින් හරියයිද කවදාවත් ලංකාවට
හොටු කෙල්ලෙ Famous වෙලා පෙන්නං ලාවට
අම්මා ගත්තොත් Phone එක බරක් පංකාවට
අඩපන වෙන්නේ... රඟයි කටෙ සිඟරට්ටුව
සුදු රෙදි පොරවන් නේ... ඒත් දන්නවා කැරට්ටුව
මීටර් පැන්නෙ... නෑ මීටර් උන් රැවට්ටුව
මම දෙන්නම් තාලෙ,නටපන් උබයි නැට්ටුවා
බලපන් වදන් වල නෑහැ සිඳුරු
තේරුම් ගන්න බැරි බොලා අතදරු ලඳරු
හිත් බිඳෙන සුලුයි සමානයි වීදුරු
මේ රැප ගිනි දැල්ලක් උබලා පිදුරු
ගොන්නු රැලම මම දක්කගෙනම යන්නම් දාලා මුන්ට රැප් නාස් ලනුව
ගල් වැලි සිමෙන්ති අනුපාතෙ වෙනස් කොන්ත්රාත්තුව ගත්ත බාස් අනුව
කුඩු වෙන්න ඔලු මොල සටපට ගාලා දෙන වදන් හොඳට බලපන් තද බාර්ස් තනුව
ඉන්දියාවේ මුතු ඇටේ පාලනයට පාලකයො ඇවිත් ඉන්නෙ අට පාස් නැතුව
අඩො විශ්රාම ගනින් ගේමෙ විශාරද මමයි
ගේම කරන් යන්න දෙන්නම් මම ඇති වෙන්න ලමයි
කටු කන වල් බල්ලා කන්න දුන්නු අත හපයි
අපි තමයි හොඳටම කරේ කරලම සැපයි
අඩො නුහුරු දකුන මට හුරු අත වමයි
නැහැ කාටවත්ම සම ශනියා අසම සමයි
කදු නැග්ම අමාරුයි පල්ලම් බැස්ම යසයි
වදම් අනල ගුලි කරලා උබට කවයි මම
මගෙ පස්සෙන් ආපු ක්රීඩකයො slow... නැහැ පේන තෙක් මාන
Shoutout keefa කිව්ව වගෙ කොහෙද මෙ Flow... බොලාගෙ බලු ජාන
මගෙ කොලිටිය High උබෙ කොලිට LOW... වදන් උනුයි වගෙ තාර
පදිරි නෑ මම ඉපදුණේ කොලඹයි ඩෝ...වාසය කඩුවෙල් මල්වාන