Elige una pista para reproducir
අඳුරේ කටයුතු භාරදූර
මං හෙව්වෙ උබේ මූණ
මේ කරුවලේ
මං ගතකලේ
අන්තිම ගිනිකූර
කටයුතු භාරදූර
මං හෙව්වෙ උබේ මූණ
මේ කරුවලේ
මං ගතකලේ
අන්තිම ගිනිකූර
ලයිටරෙයි ඉන්හේලරෙයි පමණයි මට ඉතිරී
දනා රසවිඳියි මාව සැපේ බිම වැතිරී
තෝරාගත්තේ මඟකි පාවඩේ කටු ඇතිරී
සංගීතේ මගෙ හතුරා නුඹ උනා හැතිරී
කැපකලා නින්ද ඈ
හෙව්වා කාසී දිවා රෑ
සෙනෙහස නිම්ද පෑ
මත කයි මටකිව් දෑ
ඒවා නිසා නින්ද නෑ
කොල්ලාව කොල්ලව රජෙක් කිරීමට තැත් කලේ කියනු කිම්ද ඈ
මම රජ උනා
පැතු දේ ඉටු උනා
කෙල්ලද සින්දුද තීරණෙ ගන්න සිදුවුනා
එයද විසඳුමාක්
නොව හිත පුන පුනා
නුබව ඉල්ලද්දී මොලය ගීයට යොමු උනා
නුඹ මඟහැරුනා ශබ්දාගාරේ මං නැහුනා
අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා
නින්දෙදි දැක්ක හීනෙ නිසා ජීවෙයි ආලෙයි සේරම කැප කරා
කන අවදියි හද වත වැහුනා
සිංදුවක් කරන්න ආසාවකින් පෙලි ගමේ කොල්ලෙක්ව ගායකයෙකු කිරීමටයි උනේ ආස
සති මාස ගනන් නෑ මගේ නිදහාසක් දැන්නම්
මම භූමි අහස නුඹ කෙසේ කලේ වාස
ගනු බැහැ නැවත ඇතුන් ලවාවත් කාලේ
පෙම එක අතකින් තව අතකින් තාලේ
දැන් නම් වෙනස් සැවී මං ඉන්නේ ඉන්නම් වාලේ
සංගීතේ පස්සෙන්මයි දිව්වේ මඟහැරං ආලේ
නුඹයි හිටිය නෝනා
අපේ වෙනස් නේද කෝණ
මට ඇඬුණු දවස මතකද යාලුවො බොන තැනකදි මාව ඕනා ලෙස කෑ ගසා විලාප
තිබ්බා මතකද ඒවා හද කෑගසා ඉල්ලූවා නුඹ
උපන් දිනයෙදිමයි යෙදුනෙ සංවත්සරේ
ගේමක් දීලයි නුඹ ලඟ කඳුලු වසන්කරේ
මුදු කරාන් මාරු අපි වචනෙන් අත්සන් කරේ
නුබ කලා මිසක නෑ කිසිදෙයක් මන් කරේ
ඔයා ගන්නවා කෝල්ස්
ඒ ගානක් නෑ මං ලියනවා
මා හා ඉන්නයි හෝප්ස්
ඒ ගානක් නෑ මං ලියනවා
ගවුමට ඔයා ශෝක්
ඒ ගානක් නෑ මන් ලියනවා
ලෝකෙට දෙද්දී ටෝක්
ඒකි මං නිසා මියෙනවා
පෙනහල්ලට දුම්ගියේ
නුඹව සිහිකර
නැද්ද කිවිසුම් ගියේ
මතක බිහිකර
උබේ ජීවිතේ පලමු වරට ගිය ගමන මතකද කෙල්ලෙ මාහා මන්දගාමී දුම්රියේ
වේවි කියල කිව්වා
මේවා ඇමතුම නොසලකා ගීත ගනනක් ලිව්වා
නුබේ නැතිවීම හිතේ තියන් ගෑණු ලඟට දිව්වා දුක සේරම මං කිව්වා
කෙනෙක් හදවත විව්වා
ජාති දෙකකින් මං බිව්වා
දැනටත් කියන්නෙ පල කෙනෙකුගෙ ගාවට
මිනිස්සුන්ට නොගැලපෙයි මෙ මවැනි සත්තූ
පටන් ගත්ත මුලදි හිතුවෙ ලාවට
අසරණයි උඹව අහද්දි හිත වත්තූ
උබ හොඳම තැනක දැකීමටයි අරමු ණ
හැම මලටම දිනක් එනවා පරවු ණ
මට දුක මම ලෝටා වෙන්න හීන දකිද්දි උබ ඇතා වෙලා අරං ගියා ඒ කරඬුව
දිවුරලාද වෙන්න දුන්නෙ අඳුරූ
හෙව්වා කොල සහ කතුරූ
මං යැව්වා හිතේ පතුරූ
මම වගෙ උන් නැත පඳුරූ වල
දිවියදි පෙම උනා කෙමෙන් වහ කඳුරූ