Elige una pista para reproducir
DMONEY D0II-INTRO
එක්කෝමත් එක දිග කතාවක
ආරම්භයක්වත් අවසානයක්වත්
නොදන්න ඉවරයක් නැති චක්රයක
විසඳුමක් නැතිව ජීවිතයත් මරණයත් අතර
එකින් එක එකින් එක දෝලනය වෙමින්
කාලය වට කරගත් පංච මානයක
"මම" කියන්නේ... මධ්‍ය ලක්ෂයක්.!
මේ කතාව වෙනස් එකක්.!
RUDƎBOYRAY-VERSE 01
ගිනිගත් තරු පොළොව ට වැටෙන රෑක
ගිනිබත් ප්‍රාර්ථනා පා වෙලා ඈත
විශ්වයේ ද්වාර තාමත් ඇරී නෑ ද?
දෑතින් මග පෙන්වා කුමට ද වසා දෑස?
මේක පටන්ගත්තේ 11න්
ඒත් කාලයත් එක්ක පැතිරිලා අනිත් 11ට ම
ඇයි පේන්නෙ නිතර මට? පැය යි - විනාඩි යි එක ම තැන
දකින දකින හැමවිටම එක ම නැවතුමක හිරවෙලා ඔරලෝසුව
දේවදූතයෙක් එව්ව මැසේජ් එකක් ද මේ මට තාම decode කරගන්න බැරි?
විවර කළ යටිහිත passage එකක් ද මේ මට තාම පාර අඳුරගන්න බැරි?!
SHREDDER-HOOK
අවදි නොවූ සිහිනයක මා සිරවීලා
නිමාවක් නැති හෝරාවක මා
හිස් නිම්නයක මා මනස සැඟවීලා
පාවී සිහිනයක මා
අවදි නොවූ සිහිනයක මා සිරවීලා
නිමාවක් නැති හෝරාවක මා
හිස් නිම්නයක මා මනස සැඟවීලා
පාවී සිහිනයක මා
සිහිනයක මා
RUDƎBOYRAY-VERSE 02
සිහිනෙක මා
ඇහැරෙන්න අමතක වෙන තරමට විඳින්නයි ඕනා මට සිහිනෙක රහා
නිල් සෙන්ටෝර් කෙනෙක් එක්ක මා, තරු 11ක් මැද පොරබැද ක්ෂිතිජය හා
වැළඳන් ආදරෙන්, වැරෙන් අවුල්සහගත මේ සංවිධානගත ව්‍යාකූලත්වය
වෙන් කරන්නෙ කොහොමද මං දෙතිතකින් ඔව්! මේ ෆැන්ටසියෙන් යථාර්ථය?
තත්පර 11කටවත් ඇරෙනවා නම් වෙන මානයක ට දොරටුවක්
ස්වර 07 ට වත් තේරෙනවා නම් මාව, අඩුම ගාණෙ මං පේළි 04ක ලියපුවත්
ඉවර කරන්න ඔළුවෙ යුද්ධෙ සදහටම ලෝක යුද්ධෙ ඉවරවුණ දා ම
එල්ලපන් මාවත් "බුරාරි" වල නුග ගහක, 11 හේ 11 - 11 යි 11 ට
SHREDDER-HOOK
අවදි නොවූ සිහිනයක මා සිරවීලා
නිමාවක් නැති හෝරාවක මා
හිස් නිම්නයක මා මනස සැඟවීලා
පාවී සිහිනයක මා
අවදි නොවූ සිහිනයක මා සිරවීලා
නිමාවක් නැති හෝරාවක මා
හිස් නිම්නයක මා මනස සැඟවීලා
පාවී සිහිනයක මා
සිහිනයක මා