Elige una pista para reproducir
රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා, ඈ නිවෙනවා
ඈ ඇවිලිලා, මා නිවෙනවා
උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අත නෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුනා
මා ඇවිළිලා, ඈ නිවෙනවා
ඈ ඇවිළිලා, මා නිවෙනවා
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා, ඈ නිවෙනවා
ඈ නිවෙනවා, මා නිවෙනවා