Elige una pista para reproducir

සංසාරයේ මා හමුවී තියේදෝ
දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
ඔබ හමුවුනේ මා ගං තීරයේදී
මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී
මාගේ සිනා මැවේ
අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ
මිහිරේ යළි හමු වේදෝ
මල් පවා ගැස්සිලා ළංවී බලාවී
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
සුරංගනාවියක්වදෝ, මලින් උපන් ලියක්වදෝ
තනිවී කිමදෝ අසමි සමාවී
සුරංගනාවියක් නොවේ, මලින් උපන් ලියක් නොවේ
සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා
මේ සංසාරේ රන් රස සේමා
පෑහී සැමදා ආදරයේ පෑවා
ඇලේ-දොලේ, විලේ-ජලේ, ඉරේ-හඳේ, ගහේ-වැලේ
ගැයුනේ අපගේ ප්‍රේම උදානේ
ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා
ආල හැඟුම් ඇයි සඟවන්නේ මා
මේ මල් යායේ මල්පෙති ගානේ
ලියවේ අපගේ ආදරයේ ගීතේ
සංසාරයේ මා හමුවී තියේදෝ
දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
ඔබ හමුවුනේ මා ගං තීරයේදී
මේ මල් තුරුල්ලේ ඔබෙ මල් කිරිල්ලී
මා... සිනා මැවේ
අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ
මිහිරේ යළි හමු වේදෝ
මල් පවා ගැස්සිලා ළංවී බලාවී
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී