නිම්නාවී
සරා සඳේ
ලංවේවී
රැඳී හදේ
බැල්මකින් පවා ඔබේ
හීතලයි හැඟුම් මගේ
ආදරේද මේ දැනෙන්නේ
ආත්මේ පුරා
කෝලම් රටා මැවී
වර්ණවත් වෙවී පෙනී
ඔබ මගේම ජීවිතේ
සිත්තම් කළා
ආදරී ඔබ මගේ
වෙන්නෙමී මා ඔබේ
නිම්නාවී
සරා සඳේ
ලංවේවී
රැඳී හදේ
සුසුමන් දිගේ රැඳී
හැඟුමන් මගේ ඇඳී
සංසාර ගමනේ මා
එන්නම් සොයා
ආදරී ඔබ මගේ
වෙන්නෙමී මා ඔබේ
නිම්නාවී
සරා සඳේ
ලංවේවී
රැඳී හදේ
බැල්මකින් පවා ඔබේ
හීතලයි හැඟුම් මගේ
දැනෙන්නේ හුරුයි කියා
සසරේ පුරා
පිච්චමල් පවා පිපී
සුවඳ වී ළඟින් ඉදී
ආදරේද මේ දැනෙන්නේ
ආත්මේ පුරා