Elige una pista para reproducir
Sencillo / Pista
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
මම සෙල්ලමේ කරන්නම් මේක පිස්සුවක්
මම පැන්නා පිම්ම උඹ මිම්ම ඉස්සුවත්
හොඳටම dope හරි ශෝක් ඉතින් කැස්ස බං
දිව්යලෝකේ වගේ දැනෙයි මට මගේ පැත්ත නම්
බස්නාහිර ගැට්ට
ගාලු පාර පැත්ත
මට ඕන දේවල් කරා
දැන් මොකක්ද වැරැද්ද
ගණන් ගන්නේ නෑ මං කාගෙවත් මලාට අකමැත්ත
මදපවනට තමයි අපේ නම් කැමැත්ත
පටගත්තා ගොඩක් දේවල් ඒත් තිබ්බේම නෑ හිත
ලෝකේ කොහෙට අතෑරියත් ලංකාවට තමයි හිත
අපේ නම් ඔළුව අතගාලා කනෙන් රිංගන්න බෑ niggah
අපි පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ බං අනික
4යි 20ට පදිංචි හඳ ගාවම
නඩු වලින් අඩු නෑ කොල්ලන්ට හැම පාරම
හිතන්නවත් එපා එන්න අපේ ගාවට
අන්තිම හුස්ම යවන්නෙත් මං බස්නාහිර අහසට
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
මං බැහැලා කොටු කොටු කලිසමෙන්
එන්නේ හෙට්ටිමුල්ල හන්දියෙන්
6 ශ්රී වන්ඩියෙන්
අඳුරගත්තේ මං චරිත හැසිරෙන විදියෙන්
අසිහියෙන් හිටියත් හීන පෙනෙයි හරිම විදියෙන්
උඹට අපි ගත්ත ආතල් ගලපන්න බෑ සම කරන්න බෑ
බස්නාහිර වගේ පැත්තක් මට නම් කොහෙවත් නෑ
කාලේ ගෙවෙද්දී හිතේ හීන මැවෙද්දී
හිටය විදියයි අපරාදේ හිත පසුතැවෙද්දී
මේ පාරවල් වලින් ඉගෙන ගත්ත පාඩම්
මතකයි නම් යන්නෑ කාගෙවත් හිත පාරන්
දේවල් තේරුම් යද්දී set නෑ මට මාවත්
ඇඹරෙන්නෑ නැවෙන්නෑ මං නම් කා ළඟවත්
හැමදාම හවසට travel with my homies
සමහරු රඟන්නේ වගේ real OGz
සෙල්ලම නවන්නේ ළඟ කඩලා නීතී රීතී
උඹලා ආවත් නාවත් මං මගේ ගමනේ easy easy
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
Eh! Marty මුන්ට දුන්න කාලේ වැඩි
අපිට හූ තියලා දිව්වේ අපිම නාවපු නරි
අපි ආපු කාලේ දැන් ඉන්න ගොඩක් උන් මේකේ නිදි
අවුලක් නිව්වට ගේමක් නෑ ඇවිලෙයි ආයිත් ගිනි [ආයිත් ගිනි]
Daily party මෙහෙ Malibu වගෙයි මොරගල්ල
මගේ homie කෙනෙක් අඩුයි නිවනවා දල්ල
තුනයි ගන්නේ puff අපිට මාරු වෙන්නෑ turn
අලුත්ගම thugger පැත්ත දැනෙයි වගේ Compton
ලෝකෙට වැඩ්ඩා ගෙදර පොප්සි උඹලා පව්
මං අකුරු 60ම cover උඹලා "අ"යන්න කරද්දී රවුම්
ඇවිල්ලා දෙවනි වටේට බැලුවේ
උන් තනි rhymeට down
ගලෝපන් කලිසම් බලපන් size බොලාට අන්දන්න යන්නේ මං ගවුම්
කවුද අදාළ? මොන කතාද? මට දැන්නම්
කාවත් යන්නෑ පන්නම් වැඩ නෑ මං හන්ගන්
කපන්න බැරි අත ඉඹින්නෑ මං නම්
කලුවර වැටෙයි light නෙමෙයි පත්තු උනේ පන්දම්
(බස්නාහිර අහසේ පාවී යාවී)
දුවයි හීන පස්සෙන් හීන සල්ලි අරන් ඒවී
පාලනෙන් තොර අශ්වයා මමයි තරඟේදී
ඔය නහර වැඩි කාගෙත් නහර අඩු කරා මෙහෙදී
එද්දී ලාබෙට පෙනිලා කැපෙයි කාලෙක
සමවැදිලා ගාණට ඔලු වැනුවේ තාලෙට
බස්නාහිරම ආදරෙයි ආකරේ වගේ සාගරේට
අදින්නෑ භාගෙට ආසම ශාක සාරේට
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනේවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත ඇදුණෙම homie
(ආතල් neh!)