Elige una pista para reproducir

Sencillo / Pista
දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරුකැට දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙතිනෙත බැද දකිමුද පෙම් සිහිනේ
ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා
ආදරේ... හේ
ආදරේ මා නමින්.
ආදරේ... හේ
ආදරේ මා නමින්.
නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ.
මා අතැගිලි ගෙන පපු තුරුලෙම සගවනු මා සොදුරේ
නුඹ කොදුරනු මැන මගෙ සවනට.
අපෙ ආදර ගීතේ
ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා
ආදරේ... හේ
ආදරේ මා නමින්.
ආදරේ... හේ
ආදරේ මා නමින්.
ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා...
ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා...
ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා...
ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා...
ආදරේ... හේ
ආදරේ මා නමින්.
ආදරේ... හේ
ආදරේ මා නමින්.