අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
විලෙන් එහා ඉඳ නුබේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
නුබ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වළාවෝ මගෙ මුව සිම්බා...
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කඳුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...
අහිමි උනත් නුඹ ලඳේ ...මට
හඩන්න අවසර නෑ...