Elige una pista para reproducir
යනවා නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න
නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න
අපේ ආදර කතාවේ කෙටි
පටුන පෙති මත ලියන්න
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න
ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න