Elige una pista para reproducir
මා හද පෙලනු සිතා සිතාරේ වයනු එපා
නිමාවේ හද ගැහෙනා හුස්ම පවා
මා හද බොළඳ නිසා සිතාවී කවට කතා
නිමාවේ හද ගැඹුරුම ආල කතා
සෑම දාම ආදරෙයි මං
ජීවිතේම හීනයක් දැන්
ආදරේ අඳුරේ දෑස තෙමනවා
ඒ නෙතේ මතකේ තාම තියෙනවා
මා ලය මිහිර පතා
සමීපේ රැඳෙනු එපා
හමා ඒ පෙර ආදර හීන කතා
මා යලි සොයනු සිතා
විමානේ රැඳෙනු එපා
අතීතේ යලි කිසිදා නොඑන නිසා
ඈත දාක මා ලයේ රැඳී හඬා දවා අපේ පැතුම්
පාලු රෑක සෑම දාම මා සිතේ සදා නැගේ සුසුම්
ඈ මගේ ගී අසාවිනම්
මා හද පෙලනු සිතා සිතාරේ වයනු එපා
නිමාවේ හද ගැහෙනා හුස්ම පවා
මා හද බොළඳ නිසා සිතාවී කවට කතා
නිමාවේ හද ගැඹුරුම ආල කතා