Elige una pista para reproducir
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ
කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ