Elige una pista para reproducir
පාව යං ඉතින් ඔහේ
හාව යං මා හා සුලං රොදේ
නෑ කිසිත් සීමා බලන් සඳේ හාවා
කිරි දියෙන් දෝවා
මී පැණි අරන් ආවා බිඟුමැසී
තරු වියන් පාට පාට හීනයක් වගේ
තුරු ලියන් අප හා ඈත ඈත පියඹනා අගේ
පුලුන් වලා ඇවිත් ගත සීත සීත දුරලනා රඟේ
ඉතින් කියන් ලඳේ
කාට කාට තහනමක්ද මේ
පාව පාව යං
හාව හාව යං
පාව පාව යං
හාව හාව යං
මත් මලින් රේණු රේණු අමුණලා බඳේ
මදුවිතින් නහවා රෑක රෑක පාවෙමුද නගේ
නිසොල්මනේ ලඟින් ලා හීන හීන මැවෙනවා හදේ
ඉතින් යමුද ලඳේ
නීල නීල ලෝකෙකට එහේ
පාව යං ඉතින් ඔහේ
හාව යං මා හා සුලං රොදේ
නෑ කිසිත් සීමා බලන් සඳේ හාවා
කිරි දියෙන් දෝවා
මී පැණි අරන් ආවා