Elige una pista para reproducir
දයාබර හිතක ඇති සෙනෙහේ
ඔබ තව නොදැන ඇතී
මගේ නොවන බව දැන සිටියේ
මම හිත රවට ගමී
හිතාදර නෙතක කඳුලු රැදී
මියයන තුරුම ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
ඔබ මට අහිමිව ගිය කාලේ
තවමත් මා සොයනා
යටිහිත රිදවන ඔබ සොඳුරේ
කවියකි සිත දවනා
සමාවෙන්න හැමදේක වරද මගේ
රත්තරනේ මාගේ
හිනාවෙන්න මගේ දෑස පිං නොකලේ
මේ හිත අද තනියේ
දිනයක මා ලඟ උන් අඳුරේ
තවමත් සිහිකරනා
මතකය මා ලඟ තනි කෙරුවේ
සිහිනෙක තුරුලු වෙලා
සමාවෙන්න හැමදේක වරද මගේ
රත්තරනේ මාගේ
හිනාවෙන්න මගේ දෑස පිං නොකලේ
මේ හිත අද තනියේ
දයාබර හිතක ඇති සෙනෙහේ
ඔබ තව නොදැන ඇතී
මගේ නොවන බව දැන සිටියේ
මම හිත රවට ගමී
හිතාදර නෙතක කඳුලු රැදී
මියයන තුරුම ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී