පාවෙන ස්වේත ආකාසේ...
රූබර නීල විල් තීරේ.
පිනිකැට සේල සිත් යායේ.
ගුලිවී ඉන්න මා ආවේ.
තරු පායා රැයේ සීත යාමේ පුරා.
මවාලා ඔබේ රූ කතා.
සදාකල් පතා ආ සිනාවන් සරනා.
මා හා පාවෙලා ගියා.
පාවී යාවී ඔබ පෑ පෙම් මන්දාරේ.
ඈතින් පේනා තරු යායේ සන්තානේ.
මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ.
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ.
ම්ම්. මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ.
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ.
පාමුල ගංතෙරේ. යා වුන ආදරේ.
පෑ මනමාලකම් සදා.
ආදර මාවතේ. සීතල මීදුමේ.
මදහාසකම් පාවෙලා ගියා.
තරු පායා රැයේ සීත යාමේ පුරා.
මවාලා ඔබේ රූ කතා.
සදාකල් පතා ආ සිනාවන් සරනා.
මා හා පාවෙලා ගියා.
පාවී යාවී ඔබ පෑ පෙම් මන්දාරේ.
ඈතින් පේනා තරු යායේ සන්තානේ.
මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ.
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ.
ම්ම්. මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ.
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ.