වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකළ සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
සිත පණ ගන්වන හදේ නිදන්වන
රූබර ළඳුනගේ මදහස පෙන්වන
සිත පණ ගන්වන හදේ නිදන්වන
රූබර ළඳුනගේ මදහස පෙන්වන
කලා වැවේ සුළඟින් ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙළයන් සීගිරි අඟන නෙළා
සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි
කලා රසය ලොව හඬගා කියමිනි
සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි
කලා රසය ලොව හඬගා කියමිනි
දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා
කලා රසය හොබවා සිතුවම් පවතිනවා
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකළ සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ