Elige una pista para reproducir
හීනෙටවත් නෑ අද
ඇය ආවේ ඉන්න මගේ ගාවින්
ඒ මතක දවයි
දුමාරේ තමයි ඈතට යන්නේ පාවී
ආයේ හමුවන දා
දින ගණිනා
ඒ දිනේ වෙනකම්ම සමු ගන්නවා
හිතින් මවනා ඇගේ රූපේ ඇඳුනා
දුර ඇවිදන් යන්න එන්නම්
ඔබ හා මා
ඉන්නේ මං ඈත එක රටක
හිත පාරන්නේ පරණ මතක
මොන දෙයක් උනත් අපි අතර
හැමදේම කරන්න උනා නතර
අතීතය දැවෙයි
මම හිතින් තැවෙයි
වෙනදාටත් වඩා නොඅඩුව දැනෙයි
මේ රෑ යාමේ
ඈ නෑ යහනේ
ඇවිත් යන්න ඒවී
හීනෙට මගේ shawty අදවත්
අපේ හදවත් හිතින් මවනා
ඉන්න රැඳිලා
ඔයා රූපේ මේ හිතේ ඇඳිලා
නෑ මැකිලා! නෑ ආදරේ අඩුවක් දැනිලා
මට කිසිදා
ගුවන්තොටුපලේ සමු දීලා
හෙවනැල්ලයි තනිකමයි මා හා
අද තැනක මං තනිවීලා
හීනෙටවත් නෑ අද
ඇය ආවේ ඉන්න මගේ ගාවින්
ඒ මතක දවයි
දුමාරේ තමයි ඈතට යන්නේ පාවී
ආයේ හමුවන දා
දින ගණිනා
ඒ දිනේ වෙනකම්ම සමු ගන්නවා
හිතින් මවනා ඇගේ රූපේ ඇඳුනා
දුර ඇවිදන් යන්න එන්නම්
ඔබ හා මා
බලන් ඉන්නේ දින ගැන මං
හැමදාම තනිවෙන්නම් මං
හීනෙන් ඇවිත් හමුවෙන්නම් දැන්
ලෝක දෙකක අපි ඉන්න බෑ
මගේ මේ ලෝකෙක පාලුවෙන් රැජිණ නෑ
මං ලඟින් සැතපෙන්න ඈ අද නෑ
මේ සිනහව හිතේ මැකිලා නෑ
පෙනියන් හීනෙන්වත් මට මේ රෑ
මැකිලා යාවිද හඳ ඒ පෑ
වාලාකුලෙන් අහස වැසුණු රෑ
මතක් කලේ එදා අපි මත් උන රෑ
හිතේ සැනසීම දැන් කෝ
සයුරෙන් එතෙර සතුටක් කෝ
කාලේ ඇයි දුවන්නේ වෙලා දැන් slow
Baby! ඔයා නැති තැන සතුටක් කෝ
අහසෙන් පියඹන් ඒවී
දෙවුලියන් හා දැන් එක්වේවී
තනි යහනේ රිදුම් නැඟේවී
දුරින් හිටියට හිත් යාවේවී
හම්ඹෙන්න දිනක් ආයේ
හිතින් මවනා
(yeah!)
හීනෙටවත් නෑ අද
ඇය ආවේ ඉන්න මගේ ගාවින්
ඒ මතක දවයි
දුමාරේ තමයි ඈතට යන්නේ පාවී
ආයේ හමුවන දා
දින ගණිනා
ඒ දිනේ වෙනකම්ම සමු ගන්නවා
හිතින් මවනා ඇගේ රූපේ ඇඳුනා
දුර ඇවිදන් යන්න එන්නම්
ඔබ හා මා