Elige una pista para reproducir
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ