දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
මහද විමානයේ තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ