Выберите трек для воспроизведения
Сингл / Трек
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ
මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ